පාකිස්තානයේ දී ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය ගැන ජනපතිගෙන් විශේෂ නිවේදනයක්

පාකිස්තානයේ දී ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය ගැන ජනපතිගෙන් විශේෂ නිවේදනයක්

පාකිස්තානයේ දී ශ්‍රී ලාංකික කම්හල් කළමණාකරුවෙකු අමානුෂික ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන් මහත් සංවේගයට පත්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පවසන්නේ මෙම සිදුවීම ශ්‍රී ලාංකිකයින්ට මෙන්ම මනුෂ්‍යත්වය අගයන ලෝකයේ සැමට බලවත් කම්පනයක් බවයි.

මෙම සිද්ධියට අදාළව පාකිස්තාන රජය ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග දෙස ලක් රජය සහ ජනතාව දැඩි විශ්වාසයෙන් බලා සිටින බව ජනාධිපතිවරයා සඳහන් කරනවා.

අදාල නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙන්නේ පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ප්‍රමුඛ රජය එම මිලේච්ඡ ඝාතනය සිදුවූ වහාම යුක්තිය පසිඳලීමට ගත් ක්‍රියාමාර්ග ශ්‍රී ලංකාව අගය කරන බවයි.

එසේම පාකිස්තානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සුරක්ෂිත කරන ලෙස පාකිස්තාන රජයෙන් ඉල්ලා සිටින බවද ජනාධිපතිවරයා ඉල්ලා සිටිනවා.

Share This