ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා ලක්ෂ ගණන් පාරට ගේන්න සජිත් සූදානම්ලු.

ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා ලක්ෂ ගණන් පාරට ගේන්න සජිත් සූදානම්ලු.

රටේ ජනතාව එකට එක්වෙනවාට ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඇත්තේ පුදුමාකාර බියක් බවත්, අවසරයකින් තොරව පාරේ ගමන් කිරීමට නොහැකි බවට පැවසීමට ජනාධිපතිවරයාට ඇති බලය කුමක්දැයි පැහැදිලි කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ඊයේ (26) මාවනැල්ලේ පැවති සමගි ජන බලවේගයේ ආසන බලමණ්ඩලය අමතමින්.

ඔහු යම් හෙයකින් ඊට අභියෝග කරන්නේ නම් දස ලක්ෂ ගණනින් ජනතාව සමඟ පාරට බැසීමට සමගි ජන බලවේගය සූදානම් බවද සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියා.

Share This