ප්‍රකට නළු Lance Reddick මිය යයි

ප්‍රකට නළු Lance Reddick මිය යයි

ප්‍රකට රූපවාහිනී නාට්‍යයක් වන “The Wire” සහ “John Wick” ක්‍රියාදාම-චිත්‍රපට මාලාවට රංගනයෙන් දායක වූ ප්‍රකට නළු Lance Reddick මියගොස් තිබෙනවා.

මිය යන විට ඔහු 60 හැවිරිදි වියේ පසු වුණා.

ලොස් ඇන්ජලීස් හි පිහිටි නිවසේ දී Lance Reddick මියගොස් තිබෙනවා.

කෙසේවෙතත් “John Wick” ක්‍රියාදාම-චිත්‍රපට මාලාවේ සිව්වැනි කොටස නිකුත් කිරීමට සැලසුම් කර ඇති මාර්තු 24 වනදාට දින කිහිපයක් තිබිය දී සිය ජීවිතයට සමු දීම පිළිබඳව බොහෝ පිරිසක් සිය සංවේගය පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Share This