පස් වැනි ඉන්දීය සාගර කලාප සමුළුව අද ඇරඹේ

පස් වැනි ඉන්දීය සාගර කලාප සමුළුව අද ඇරඹේ

පස් වැනි ඉන්දියානු සාගර සමුළුවට සහභාගි වීමට දිවයිනෙන් පිටත් ව ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවරට ළඟා වී තිබෙනවා.

එරට වේලාවෙන් ඊයේ රාත්‍රි 10ට පමණ ජනාධිපතිවරයා එහි ළඟා වූ අතර අද (04) පෙරවරුවේ ද්විපාර්ශවික සාකච්ඡා කිහිපයකට ද ජනාධිපතිවරයා එක්වීමට නියමිතයි.

‘පරිසරය, ආර්ථිකය, වසංගතය’ යන තේමාව යටතේ පස්වරුවේ ඇරඹෙන ඉන්දියානු සාගර කලාපීය සමුළුවේ සමාරම්භක දේශණය ජනාධිපතිවරයා විසින් සිදු කිරිමට ද නියමිතව තිබෙනවා.

Share This