ගංවතුරෙන් බ්‍රසීලයේ 39 දෙනෙකු මරුට

ගංවතුරෙන් බ්‍රසීලයේ 39 දෙනෙකු මරුට

බ්‍රසීලයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 39 දෙනෙකු මියගොස් තවත් 74 දෙනෙකු අතුරුදන් වී තිබෙනවා.

දින කිහිපයක සිට ඇඳහැලෙන අධික වර්ෂාපතනයෙන් ගංවතුර තත්ත්වයන් හටගෙන ඇති අතර වසර 80කට අධික කාලයකට පසු එරටට බලපෑ දරුණුතම ගංවතුර තත්ත්වය මෙය වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 25,000ක පමණ පිරිසක් අවතැන්ව සිටින බව සඳහන්.

අතුරුදන්වූවන් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති අතර ගොඩනැගිලි සහ නිවාස රැසකට ද හානි සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Share This