සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් ඇතුළු සැකකරුවන් 19 දෙනෙකු අල්ලයි

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් ඇතුළු සැකකරුවන් 19 දෙනෙකු අල්ලයි

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 9 දෙනෙකු සහ තවත් සැකකරුවන් 10 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාතර, කොළඹ, බස්නාහිර පළාත් දකුණ හා බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය විසින් එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

ඒ අනුව දිවයිනම ආවරණය වන පරිදි විශේෂ පොලිස් කණ්ඩායම් 20ක් යොදවා අදාළ මෙහෙයුම් සිදු කර තිබෙනවා.

මෙම සැකකරුවන් අතර කාන්තාවක් ද වන බව සඳහන්.

මේ අතර අදාළ මෙහෙයුම් ආරම්භ කළ පසුගිය මාර්තු මස 19 වනදා සිට පසුගිය මැයි 3 වනදා දක්වා වූ කාලය තුළ සමස්ත සැකකරුවන් සහ සැකකාරියන් 837 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

ඔවුන් සංවිධානාත්මක අපරාධ සිදු කිරීම සඳහා සහය දැක්වීම්, අපරාධ සැලසුම් කිරීම සහ එම අපරාධවලට ආධාර අනුඅබල ලබා දීම යනාදී චෝදනා යටතේ අත්අඩංගුවට ගත් අය වනවා.

Share This