දිවයින පුරා වැටලීම්වලින් සැකකරුවන් 728ක් සහ සැකකාරියන් 13ක් අත්අඩංගුවට

දිවයින පුරා වැටලීම්වලින් සැකකරුවන් 728ක් සහ සැකකාරියන් 13ක් අත්අඩංගුවට

දිවයින පුරා ක්‍රියාත්මක විෂ මත්ද්‍රව්‍ය විශේෂ වැටලීම්වලින් සැකකරුවන් 728ක් සහ සැකකාරියන් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ ඊයේ (28) දිනයේ වැටලීම් 742ක් සිදු කර ඇති බවයි

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් 34 දෙනෙකු වැඩිදුර විමර්ශන සඳහා රඳවා තබා ගැනීමේ නියෝග ලබා ගැනීමට නියමිත අතර 17දෙදෙනෙකුගේ වත්කම් විමර්ශනය කිරීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ

මීට අමතරව සැකකරුවන් 17 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කිරීමටයි නියමිතව තිබෙනවා

Share This