දරුවාට වෙඩි තැබූ සැකකරු කැලෑවකින් හසුවේ

දරුවාට වෙඩි තැබූ සැකකරු කැලෑවකින් හසුවේ

14 හැවිරිදි දරුවෙක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ද ප්‍රධාන සැකකරු තවත් පුද්ගලයෙකු සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කැලෑබද ප්‍රදේශයක සැඟව සිටියදී ඊයේ (21) රාත්‍රීයේ ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇති අතර වෙඩි තැබීමට යොදා ගත් ගිනි අවිය ඇතුළු ගිනි අවි දෙකක් පොලිසිය විසින් සොයාගෙන තිබුණා,

වීරකැටිය, ගජනායකගම ප්‍රදේශයේ දී පසුගිය 19වනදා පවුල් ආරවුලක් දුරදිගයාමෙන් ඇති වූ ගැටුමක් අතර සිදුවූ වෙඩිතැබීමකින් දරුවා ජිවිතක්ෂයට පත්වුණා.

Share This