දණ්ඩ නීති සංග්‍රහයේ නව සංශෝධන හරහා කාන්තා අයිතිය හෑල්ලු වෙනවා – විපක්ෂ නායක

දණ්ඩ නීති සංග්‍රහයේ නව සංශෝධන හරහා කාන්තා අයිතිය හෑල්ලු වෙනවා – විපක්ෂ නායක

දණ්ඩ නීති සංග්‍රහයේ නව සංශෝධන හරහා කාන්තා අයිතිය හෑල්ලුවට ලක් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

අද (31) බදුල්ලේ විල්ස් පාර්ක් නව ක්‍රීඩාංගණයේදී පැවැති සමගි වනිතා බලවේගයේ බදුලු දිස්ත්‍රික් සමුළුව අමතමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා.

එමෙන්ම, ආණ්ඩුව දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කරන්නේ අපරාධ වැළැක්වීමට නොවන බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසුවේ.

මීට අමතරව, කාන්තා අයිතීන් සුරක්ෂිත කිරිමට ස්ථාවර කාන්තා ජනාධිපති කොමිසමක් ඇති කරන බවද ඔහු මෙහිදී සඳහන් කළා.

Share This