තවත් 550 දෙනෙකුට ඊශ්‍රායලයේ රැකියා

තවත් 550 දෙනෙකුට ඊශ්‍රායලයේ රැකියා

ඊශ්‍රායලයේ ඉදිකිරීම් අ‍ංශයේ රැකියා අවස්ථාවන් හිමිවූ තවත් ශ්‍රී ලාංකිකයන් 550ක් වෙත ගුවන් ටිකට්පත් ලබාදී තිබෙනවා.

ඒ, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන්.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ ශ්‍රවණාගාරයේ දී එම ගුවන් ටිකට්පත් ලබාදීම සිදු කෙරුණු අතර මෙම රැකියාලාභීන් අප්‍රේල් මස 23 සිට 25 දක්වා කාලය තුල ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිතයි.

Share This