පොළොන්නරුව තිවංක පිළිමගෙය පිළිබඳව මාධ්‍ය මගින් පළවූ පුවත් අසත්‍යයි -පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්-

පොළොන්නරුව තිවංක පිළිමගෙය පිළිබඳව මාධ්‍ය මගින් පළවූ පුවත් අසත්‍යයි -පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්-

ඓතිහාසික වටිනාකමකින් යුතු මෙරට මහා කලාගාරය ලෙස සැලකෙන පොළොන්නරුව තිවංක පිළිමගෙය තුළ ඇති බිතු සිතුවම් සංරක්ෂණය කිරීමේ ක්‍රියාවලිය 2023 වසරේදී ආරම්භ කළ බවත්, මාධ්‍ය මඟින් පළ කර ඇති පුවත් අසත්‍ය බවත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය තුසිත මැන්දිස් මහතා පවසනවා.

පොළොන්නරුව තිවංක පිළිමගෙය තුළ ඇති බිතු සිතුවම් විනාශ වෙමින් පවතින බවට ලැබුණු තොරතුරුවලට අනුව 2023 වසරේ නොවැම්බර් මාසයේ සිට සංස්කෘතික අරමුදලේ මැදිහත්වීම ඇතිව මෙම සංරක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා.

ඒ සඳහා විද්වත් කමිටුවක් පත්කර බිතු සිතුවම් පිළිබඳ අධ්‍යයනය කර ඡායාරූප 1140 කට ආසන්න ප්‍රමාණයක් ගෙන එම සිතුවම් එකම තලයකට ගෙන සංරක්ෂණය කිරීම සඳහා වූ ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර සිටියේ.

එසේම තිවංක පිළිමගෙයට සවි කර ඇති වහලය නැවත සකස් කිරීම සම්බන්ධයෙන්ද මේ වන විට පියවර ගෙන ඇති බවද එහිදී ඒ මහතා ප්‍රකාශ කර සිටියා.

වර්තමානය වන විට පොළොන්නරුව තිවංක පිළිමගය ඇතුළු ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ස්ථාන කිහිපයක් සම්බන්ධයෙන් ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන ලද අසත්‍ය පුවත් සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය තුසිත මැන්දිස් මහතා මෙසේ ප්‍රකාශ කර සිටියා.

Share This