ශ්‍රී ලංකාවේ බලශක්ති කේන්ද්‍රීය ඒකාබද්ධ ජාතික මූල්‍ය රාමුව සකස් කිරීම ඇරඹෙයි

ශ්‍රී ලංකාවේ බලශක්ති කේන්ද්‍රීය ඒකාබද්ධ ජාතික මූල්‍ය රාමුව සකස් කිරීම ඇරඹෙයි

ශ්‍රී ලංකාවේ බලශක්ති කේන්ද්‍රීය ඒකාබද්ධ ජාතික මූල්‍ය රාමුව සකස් කිරීම පිළිබඳ සමාරම්භක වැඩසටහන විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා.

එහිදී විදුලිබල සහ බලශක්ති ක්ෂේත්‍ර ප්‍රමුඛ අංශයන් ලෙස සලකා කටයුතු කිරීමට රජය ගෙන ඇති තීරණය මත එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ඒ සඳහා සහයෝගය ලබාදීමට එකඟතාව පළ කර ඇති බව සඳහන්.

එමෙන්ම ශ්‍රී ලංකාව තුළ පැවති ආර්ථික අවපාතයත් සමඟ ඒ සදහා බෙහෙවින් ඉවහල් වන ලද ක්ෂේත්‍රයන් සඳහා හඳුන්වාදෙන ලද ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යටතේ මෙය ක්‍රියාත්මකයි.

මෙම බලශක්ති කේන්ද්‍රීය ඒකාබද්ධ ජාතික මූල්‍ය රාමුව මගින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් ගිවිසුම්වලට එළඹ ඇති තිරසර සංවර්ධන අරමුණු සහ ජාතික වශයෙන් තීරණය කරන ලද දායකත්වයන් යටතේ හඳුනාගෙන ඇති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා මූල්‍ය පහසුකම් ලබාගැනීමට හැකියාව තිබෙනවා.

ලොවපුරා පවතින රටවල් 86ක් දැනට මේ යටතේ විවිධ පහසුකම් සලසාගෙන ඇති අතර ශ්‍රී ලංකාවට ද බලශක්ති ක්‍‍ෂේත්‍රයේ සංවර්ධන කාර්යයන් සදහා සහයෝගය ලබාදීමට එකඟ වී ඇති බවයි මෙහිදී වාර්තා වන්නේ.

Share This