තලේබාන්ලා එක්සත් ජාතීන්ටත් නීති දමති

තලේබාන්ලා එක්සත් ජාතීන්ටත් නීති දමති

ඇෆ්ගනිස්ථානයේ එක්සත් ජාතීන්ගේ සහන මෙහෙයුම් (UNAMA) යටතේ එරට සේවය කරන කාන්තා කාර්ය මණ්ඩල සාමාජිකයින් හිජාබය පැළඳිය යුතු බවට තලේබාන් පාලකයන් නව නීතියක් පනවා ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

තලේබාන් රජයේ සදාචාරය ප්‍රචාරණ සහ උපද්‍රව වැළැක්වීමේ අමාත්‍යාංශයේ නිලධාරින්ගෙන් සමන්විත කවුන්සිලයක් මගින් සේවයට වාර්තා කරන අතරතුර කාන්තා සේවිකාවන් හිජාබය පැළඳීම ගැන සලකා බැලිය යුතු බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයට දන්වා ඇති බව සඳහන්.

ඒ අනුව මැයි 16 වන දින සිට එක්සත් ජාතීන්ගේ සංවිධානය එහි කාන්තා කාර්ය මණ්ඩලයට හිජාබය පැළඳිය යුතු බවට වන තලේබාන් නියෝගය දැනුම් දී ඇතැයි ඇෆ්ගන් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

හිජාබ් භාවිතා කරන්නේද නැද්ද යන්න නිරීක්ෂණය කිරීම සඳහා අමාත්‍යාංශයේ නිලධාරීන් ඇෆ්ගනිස්ථානයේ එක්සත් ජාතීන්ගේ කාර්යාලයන්හි පිටත සිටගෙන සිටින බව ද එක්සත් ජාතීන්ගේ සහන මෙහෙයුම් කාර්යාලය නිකුත් කළ ප්‍රකාශයේ සඳහන්.

එමෙන්ම තලේබාන් අමාත්‍යාංශය විසින් එක්සත් ජාතීන්ගේ කාර්යාලවලින් පිටත කාන්තාවන්ට “හිජාබය” පැළඳිය යුතු බවට පවසන පෝස්ටර් ප්‍රදර්ශනය කර ඇතැයි වාර්තා වනවා.

Share This