ජනපති පැමිණි පසු ‘දැවිතෙල් ජාවාරම පිළිබඳ’ පරීක්ෂණයක් !

ජනපති පැමිණි පසු ‘දැවිතෙල් ජාවාරම පිළිබඳ’ පරීක්ෂණයක් !

වාර්ෂිකව රටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් අහිමි කරන හා දැවැන්ත පාරිසරික හානියක් සිදු කරන දැවිතෙල් ජාවාරම පිළිබඳව ජනාධිපති විශේෂ විමර්ශණ අංශය මගින් පුළුල් පරීක්ෂණයක් පැවැත්වීමට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබෙනවා.

ඒ අනුව අප රටට පැමිණෙන නැව්වලින් බැහැර කරන දැවිතෙල් මිල දී ගැනීමේ ජාවාරම නැවැත්වීමට මෙන්ම ඒ හරහා ගනුදෙනු වන අතිවිශාල මුදල් ප්‍රමාණය සම්බන්ධව විමර්ශණය කිරීම මෙහි අරමුණයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ සැසිය නිම කර පැමිණි පසු මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව අමාත්‍යවරයා සඳහන් කරනවා.

මේ සම්බන්ධයෙන් පරිසර අමාත්‍යංශය නිකුත් කළ නිවේදනය පහතින් දැක්වෙනවා.

 

 

Share This