ගුරු – විදුහල්පතිවරුන්ගෙන් මහා සංඝරත්නය කරන ඉල්ලීම

ගුරු – විදුහල්පතිවරුන්ගෙන් මහා සංඝරත්නය කරන ඉල්ලීම

දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමට සියල්ල පසෙක ලා කටයුතු කරන මෙන් මහනාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය වර්ජනයේ නිරත ගුරු – විදුහල්පතිවරුන්ගෙන් ඊයේ (13) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලීමක් කර තිබෙනවා

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා.

වර්ජනයේ නිරත ගුරු – විදුහල්පතිවරුන් මේ මොහොතේ කළ යුතුව ඇත්තේ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන අතරතුර වෘත්තීය ඉල්ලීම් දිනා ගැනීමට කටයුතු කිරීම බවද මහා සංඝරත්නය අවධාරණය කරනවා

එමෙන්ම රට තුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ වූවද වැටුප් විෂමතාවන් නිරාකරණයට සාධනීය විසඳුම් සැපයීමට අගමැතිවරයා ප්‍රධානව ආණ්ඩුව කටයුතු කර තිබියදීත් මෙසේ අඛණ්ඩව වර්ජනයේ නිරත වීම රටේ අනාගතයට කරන අවැඩක් බවද මහා සංඝරත්නය පෙන්වා දෙන්නේ

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියන් පවසන්නේ සියල්ල පසෙකලා දරුවන්ට ඉගැන්වීම් ආරම්භ කරන ලෙස කරුණාවෙන් සියලු ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටින බවත් රට සහ රටේ අනාගතයට කරන හොඳම ආයෝජනය දරුවන් අධ්‍යාපනයෙන් සන්නද්ධ කිරීම බවයි.

දීර්ඝ කාලයක් පාසල් වසා තැබීම සහ මාර්ගගත අධ්‍යාපනයෙන්ද ඉවත්ව සිටීම මත ගුරුවරයාගේ ග්‍රහණයෙන් මිදීම තුළින් දරුවන් මානසික අර්බුදයකට ලක්ව සිටින බැවින් තවදුරටත් එසේ වීමට ඉඩ නොතබන මෙන් අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරි ආචාර්ය මැදගම ධම්මානන්ද නාහිමියන් වර්ජනයේ නිරත ගුරු – විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.

 

 

Share This