ගාස්තු වැඩි නොවුණොත් බස් රථත් නැතිවෙන හැටි

ගාස්තු වැඩි නොවුණොත් බස් රථත් නැතිවෙන හැටි

වැඩි කළ ඉන්ධන මිලට සාපේක්ෂව බස් ගාස්තු ඉහළ දමන ආකාරය පිළිබඳව තිරණය කිරීම සඳහා අදාළ ප්‍රතිපත්තිමය තීරණ ගන්නා ආයතන වෙත අද (27) දිනය තෙක් කල් ලබා දෙන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරනවා

දිනපතා පළවන පුවත්පතක සඳහන් කර ඇති මේ පුවත පිළිබඳව ස්වර්ණවාහිනි පත්තරේ වැඩසටහනින්ද අවධානය යොමු කෙරුණා.

අද (27) දිනයේදී බස් ගාස්තු වැඩි කිරීමට කටයුතු නොකළ හොත් හෙට (28) සිට බස් ධාවනයෙන් ඉවත් වන බවත් ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා

එසේ නොමැතිව ජුලි 01 දා බස් ගාස්තු සංශෝධනය කරන දිනය දක්වා ගමන් කරන්නේ නම් තම බස් රථවලට පැරණි මිලට ඉන්ධන ලබාදිය යුතු බවත් ඉන්ධන මිල වැඩිකිරීම හරහා පමණක් බස් රථවල පිරිවැය සියයට 6කින් පමණ ඉහළ ගොස් ඇති බවත් බස් ගාස්තු වැඩි කිරීමේදී අනෙකුත් සාධකද සලකා බැලිය යුතු බවත් ඔහු සඳහන් කරනවා

පාඩු ලබන ආයතන සක්‍රීය කිරිම වෙනුවෙන් ජනතාව මතට ඉන්ධන මිල වැඩි කිරීමට ගත් ක්‍රියාමාර්ගයට විරෝධය දක්වන බවත් එය හෙළා දකින බවත් ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් පවසනවා

Share This