ගංගා දෙකක පාවෙමින් තිබූ මෘත ශරීර දෙකක් හමුවෙයි

ගංගා දෙකක පාවෙමින් තිබූ මෘත ශරීර දෙකක් හමුවෙයි

ප්‍රදේශ දෙකකදී ගංගාවල පාවෙමින් තිබූ මෘත ශරීර දෙකක් සොයාගෙන තිබෙනවා.

නිවිතිගල කරවිට සහ වාලච්චේන කිරාන් යන ප්‍රදේශවල දී එම මෘත ශරීර සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.

නිවිතිගල කරවිට ගඟේ තිබී හමුවූ මළ සිරුර 72 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙකුගේ වන අතර එම මෘත ශරීරය ඔහුගේ බිරිඳ විසින් හඳුනාගෙන තිබෙනවා.

එම පුද්ගලයා මානසික රෝගයකින් පෙලුණු අයෙකු බව සඳහන්.

ගඟෙන් එගොඩට යාමට ගමන් කිරීමේදී ඔහු මෙලෙස ගඟට වැටී දියේ ගිලී ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.

මේ අතර 40 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙකුගේ මළ සිරුරක් වාලච්චේන කිරාන් ප්‍රදේශයේ පුලිපංචිකල් ගඟේ තිබී සොයාගෙන තිබෙනවා.

ඔහු පසුගිය 20 වනදා කුඹුරට යන බව පවසා නිවසින් ගොස් ඇති අතර යළි නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ විසින් පොලිසියට පැමිණිල්ලක් කර තිබූ බව සඳහන්.

ඒ අනුව සිදුකළ විමර්ශනයකින් අනතුරුව අදාළ පුද්ගලයාගේ මළ සිරුර මෙලෙස සොයාගෙන තිබෙනවා.

Share This