කුරුවිට මනුෂ්‍ය ඝාතනයක්

කුරුවිට මනුෂ්‍ය ඝාතනයක්

කුරුවිට, කීරගල ප්‍රදේශයේ දී පුද්ගලයෙකු විසින් තවත් පුද්ගලයෙකුට පයින් පහරදීම හේතුවෙන් බිමට වැටී සිහිසුන්ව රෝහල්ගත කිරීමේදී මිය ගොස් තිබෙනවා

පොලිසිය පැවුසේ ඊයේ (17) රාත්‍රීයේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බවයි

එලෙස මියගොස් ඇත්තේ, 59 හැවිරිදි වියේ පසු වූ කීරගල, කුරුවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්

මියගිය පුද්ගලයාගේ නිවස ඉදිරිපිටට පැමිණි බීමත් පුද්ගලයෙකු ගිනිපෙට්ටියක් ඉල්ලා ඇති අතර, එය ලබාදීමට ප්‍රමාදවීම හේතුවෙන් බීමත් පුද්ගලයා විසින් නිවැසියන්ට පරුෂ වචනයෙන් බැන වැදී ඇති බව සඳහන්

කෙසේ වෙතත් එහිදී මියගිය පුද්ගලයා විසින් එසේ නොකරන ලෙසට පවසා ඇති අතර අනතුරුවයි බීමත් පුද්ගලයා විසින් නිවෙස්හිමියාට පයින් පහරදී ඇත්තේ.

සිද්ධියට සම්බන්ධ සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි

Share This