ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික හමුව සඳහා ඇමති ශෙහාන් ජෝර්ජියාවට

ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික හමුව සඳහා ඇමති ශෙහාන් ජෝර්ජියාවට

ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික හමුවට සහභාගිවීම සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ජෝර්ජියාව බලා පිටත්වී තිබෙනවා.

සමුළුව හෙට (02) දින සිට ලබන 05 වැනිදා දක්වා ජෝර්ජියාවේ ට්බිලිසි අගනුවරදී පැවැත්වීමට නියමිතයි.

ආසියානු සංවර්ධන බැංකුවේ ආරම්භක සාමාජිකයෙකු වන ශ්‍රී ලංකාව එහි මූල්‍ය පහසුකම් මගින් මෙරට ආර්ථික වර්ධනය සඳහා විවිධ සහාය ලබාගෙන තිබෙනවා.

මෙහිදී සමුළුව සඳහා අර්ථවත් දායකත්වයක් ලබාදීමට අපේක්ෂා කරන අතර මෙවර සමුළුව සෙසු සාමාජික රටවල් සමග හවුල්කාරිත්වය ඇති කර ගැනීමේ සංසදයක් වනු ඇතැයි අපේක්ෂා කරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

Share This