කුණාටුවෙන් සංක්‍රමණිකයන් 23ක් අතුරුදන් – ඉයන් නිසා ෆ්ලොරිඩාවත් අඳුරේ (PHOTOS/VIDEO) 

කුණාටුවෙන් සංක්‍රමණිකයන් 23ක් අතුරුදන් – ඉයන් නිසා ෆ්ලොරිඩාවත් අඳුරේ (PHOTOS/VIDEO) 

ඉයන් සුළි කුණාටුව ෆ්ලොරිඩා වෙරළ තීරයට පැමිණීමෙන් පසු දැඩි ගංවතුර තත්ත්වයක් සහ අධික සුළං සහ කුණාටු තත්ත්වයන් ඇති කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

ඇතිවූ සුළි කුණාටු හේතුවෙන් ෆ්ලොරිඩාවේ මිලියන දෙකකට අධික ජනතාවට විදුලිය නැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

ෆ්ලොරිඩාවේ ආණ්ඩුකාරවරයා ඉයන් සුළි කුණාටුව පැමිණීමට පෙර සිටම ජනතාවට එයට මුහුණ දීමට සූදානම් වන ලෙස අනතුරු අඟවා සිටියා

කුණාටුව අතරතුර බෝට්ටුවක් ගිලී යාමෙන් අතුරුදහන් වූ සංක්‍රමණිකයන් 23 දෙනෙකු පමණ සිටින බවත් ඔවුන් සොයමින් සිටින බවත් විදෙස් මාධ්‍ය පවසනවා

සිකුරාදා වනවිට ඉයන් සුළි කුණාටුව උතුරු දෙසට ගමන් කරමින් ජෝර්ජියා සහ දකුණු කැරොලිනා වෙත ගමන් කරනු ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

 

Share This