වසරේ මුල් මාස හතරට ඩෙංගු රෝගීන් 22400ක්

වසරේ මුල් මාස හතරට ඩෙංගු රෝගීන් 22400ක්

මෙම වසරේ ගතවූ මාස 4 තුළ දිවයිනෙන්ම ඩෙංගු රෝගීන් 22,443ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

මෙම කාලය තුළ ඩෙංගු රෝගයට ගොදුරු වූ 9 දෙනෙකු මරණයට පත්ව ඇති බවයි එම ඒකකය සඳහන් කරන්නේ.

ඩෙංගු රෝගීන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතේ වන අතර , එම සංඛ්‍යාව 8071ක් වනවා.

මීට අමතරව උතුරු පළාතෙන් රෝගීන් 4375ක්, මධ්‍යම පළාතෙන් 1890ක්, වයඹ පළාතෙන් 1616ක් , සබගමුව පළාතෙන් 1855ක් , දකුණු පළාතෙන් 1723ක් වාර්තා වන බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This