කිතුණුවන් බැතියෙන් සිහි කරන මහ බ්‍රහස්පතින්දා දිනය අදයි

කිතුණුවන් බැතියෙන් සිහි කරන මහ බ්‍රහස්පතින්දා දිනය අදයි

ලෝකවාසී කිතුණු බැතිමතුන් සමරන ඉතාමත් සුවිශේෂී දිනයක් වන මහ බ්‍රහස්පතින්දා දිනය අදට(28) යෙදී තිබෙනවා.

පසුගිය ඉරිදා(24) ආරම්භ වූ ශුද්ධවූ සතිය හෙවත් පාස්කු සතියේ සුවිශේෂී දිනයක් ලෙසයි මහ බ්‍රහස්පතින්දා සැළකෙන්නේ.

මහ බ්‍රහස්පතින්දා දින ක්‍රිස්තුස් වහන්සේ අන්තිම රාත්‍රී භෝජනයට සහභාගී වී, ගෝලයින්ගේ පාද දෝවනය කර, ඉන්පසු ගෙත්සමනියට ගොස් යාච්ඤාවේ නිරත වුණා.

ක්‍රිස්තුන් වහන්සේ එදින ශුද්ධවූ දිව්‍ය සත්ප්‍රසාදය සහ තම එඩේරික ජීවිතය තුලින් පුජාත්වරය නම් වූ ප්‍රසාධ නිධාන ස්ථාපිත කිරීම ඉතා සුවිශේෂී කාරණයක්.

කිතුණුවන්ගේ ජන වන්දනාවේ ඉහළම ස්ථානය වන දිව්‍ය පූජාව ආරම්භ වූයේද අද වන් වූ මහ බ්‍රහස්පතින්දා දිනකයි.

පාස්කුව ආරම්භ වන්නේ මහ බ්‍රහස්පතින්දා සිදුවන දිව්‍ය පුජාවෙන්.

මහ බ්‍රහස්පතින්දා ආරම්භ වන පාස්කුව මහ සිකුරාදා සහ ආලේලුයියා සෙනසුරාදා මෙම දින තුන පුරාවට සිදු වන්නේ එකම වන්දනා පිළිවෙතක්..

මහ බ්‍රහස්පතින්දා සවස ආරම්භ වන පාස්කු පිළිවෙත් අවසන් වන්නේ ආලේලුයියා සෙනසුරාදා මධ්‍යම රාත්‍රී දිව්‍ය පුජාවෙන්.

”තමන් මෙලොවින් ඉකුත් ව පියාණන් වෙතට යාමේ නියමිත මොහොත පැමිණ තිබෙන බව පාස්කු මංගල්‍යයට පෙර, ජේසුස් වහන්සේ දැනගත් සේක. උන් වහන්සේ මෙලොව තම හිතවතුන්ට ප්‍රේම කළ සේක; අන්තිම දක්වා ම ඔවුන්ට ප්‍රේම කළ සේක” – (ජොහාන් 13 : 1 – 15)

Share This