කැලිෆෝනියාවේදී වෙඩි තබා 11ක් මරා දමා දින දෙකකට පසු තවත් වෙඩි තැබීමක් -7ක් මරුට

කැලිෆෝනියාවේදී වෙඩි තබා 11ක් මරා දමා දින දෙකකට පසු තවත් වෙඩි තැබීමක් -7ක් මරුට

කැලිෆෝනියාවේදී තවත් වෙඩි තැබීමක් සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

සැන් ෆ්රැන්සිස්කෝ නගරයට දකුණින් සැතපුම් 30ක් පමණ දුරින් පිහිටි වෙරළබඩ නගරයක් වන Half Moon Bay ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුව තිබෙන අතර 7 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

කැලිෆෝනියාවේ ජනප්‍රිය නර්තන ශාලාවකද දින දෙකකට පෙර මෙවැනිම සිදුවීමක් සිදුවූ අතර එම වෙඩි තැබීමෙන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

මෙම නවතම ප්‍රහාරය එල්ල කර ඇත්තේ 67 හැවිරිදි ෂාඕ චුන්ලි නම් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ

මෙම ප්‍රහාරයට හේතුව විමර්ශකයින් විසින් මෙතෙක් හෙළි කර නොමැති බවද විදෙස් මාධ්‍ය පවසනවා.

තවත් අයෙක් රෝහලේ ප්‍රතිකාර ලබන අතර අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

වෙඩි තැබීමට ලක්වූවන් චීන ගොවි කම්කරුවන් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ

Share This