කැලිෆෝනියාවේදී වෙඩි තබා 10ක් මරා දැමූ බවට සැක කෙරෙන පුද්ගලයාත් සිය දිවි හානි කර ගනියි

කැලිෆෝනියාවේදී වෙඩි තබා 10ක් මරා දැමූ බවට සැක කෙරෙන පුද්ගලයාත් සිය දිවි හානි කර ගනියි

කැලිෆෝනියාවේ පුද්ගලයන් 10 දෙනකු ඝාතනය කළ බවට සැක කෙරෙන පුද්ගලයා මියගොස් ඇතැයි එරට පොලිසිය සඳහන් කර තිබෙනවා.

වෙඩි තැබීමෙන් පැය 12කට වැඩි කාලයකට පසු සන්නද්ධ නිලධාරීන් කැලිෆෝනියාවේ ටොරන්ස්හි වෑන් රථයක සිටි මෙම පුද්ගලයා සොයා ගත් බවයි පැවසෙන්නේ.

නිලධාරීන් වෑන් රථයේ ජනේලය කඩා දැමීමෙන් පසු මෙම පුද්ගලයා තමා විසින්ම වෙඩි තබාගත් තුවාලයකින් මිය ගොස් ඇති බවයි සොයාගෙන තිබෙන්නේ

තවත් දස දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන්ගෙන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බවද විදෙස් මාධ්‍ය පවසනවා

සැකකාර තුවක්කුකරු 72 හැවිරිදි Huu Can Tran බව පොලිසිය හඳුනාගෙන තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා.

Share This