කසළවලින් නිර්මාණය කළ ඇඳුමින් සැරසුණු කලාකරුවෝ

කසළවලින් නිර්මාණය කළ ඇඳුමින් සැරසුණු කලාකරුවෝ

කොන්ගෝ රාජ්‍යයේ කින්ශාසා’හි පරිසර දුෂණය ඉස්මතු කිරීම සඳහා කලාකරුවන් කසළවලින් සකස් කළ ඇඳුම් පැළඳ තිබෙනවා.

කින්ශාසා’හි පැවැත්වෙන වාර්ෂික කලා උත්සවයක් වන KinAct උත්සවයට මෙම කලාකරුවන් සහභාගී වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එක් කලාකරුවෙක් විදුලි කම්බිවලින් වස්ත්‍රයක් සකස් කර ඇති අතර තවත් අයෙක් සම්පූර්ණයෙන්ම ඉවතලන ජංගම දුරකථනවලින් සෑදූ රොබෝ ඇඳුමකින් සැරසී තිබෙනවා.

තවත් අයෙක් බෝතල් මුඩි, ප්ලාස්ටික් පයිප්ප සහ වෙනත් අපද්‍රව්‍ය වලින් ඇඳුමක් නිර්මාණය කිරීම තිබෙනවා.

මුන්ගොංගු කලාකරුවා ප්ලාස්ටික් බෝතල් සහ පියන්වලින් අන්තර්ක්‍රියාකාරී ඇඳුමක් සාදනු ලැබුවේ නගරයේ භාවිතා කරන ප්ලාස්ටික් සම්බන්ධයෙන් ක්‍රියා නොකිරීම පිළිබඳව දැනුවත් කිරීම සඳහා බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ කලාකරුවන්ගේ මෙම ක්‍රියාවෙන් පසු මුළු නගරය පුරා පරිසර දුෂණයට එරෙහිව කතිකාවක් ගොඩනැගී ඇති බවයි.

Share This