රට භාර ගත්තේ නිසි සැලැස්මක් සහ ජාත්‍යන්තර සම්බන්ධතා නිසා – ජනපති

රට භාර ගත්තේ නිසි සැලැස්මක් සහ ජාත්‍යන්තර සම්බන්ධතා නිසා – ජනපති

පාර්ලිමේන්තුවේ තනි මන්ත්‍රී ධූරයක් තිබියදී වුවත් කිසිම කොන්දේසියක් නොමැතිව තමන් රට භාර ගත්තේ නිසි සැලැස්මක්, අත්දැකීම් සහ ජාත්‍යන්තර සම්බන්ධතා තිබු නිසා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

අද (09) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා කියා සිටියේ ඒ හේතුවෙන් අපායට වැටී තිබු රට ගොඩගත හැකිය යන විශ්වාසය තමන්ට තිබූ බවයි

වැටුණු රට යළි ගොඩ නැගීමට සිදුකළ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන නිසා 2023 මැයි මාසයේ සිට ආර්ථික වර්ධනයක ගමන ආරම්භ වී ඇතැයි ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.

එමෙන්ම මෙම වසරේ ආර්ථික වර්ධනය සියයට තුනක් පමණ වනු ඇතැයි තමා අපේක්ෂා කරන බවත් මේ වන විට විදේශ ශ්‍රමිකයන් එවන මුදල් ප්‍රමාණය වැඩි වී ඇති බවත් මෙහිදී සඳහන් කළ ජනාධිපතිරයා මේ තත්ත්වය උදාකර ගන්නට හැකි වුණේ අභියෝගාත්මකව දුෂ්කර මාර්ගයේ ගමන් කිරීමට හැකිවීම නිසා බවයි මෙහිදී පෙන්වා දුන්නේ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ විවිධ දේශීය සහ විදේශීය, මුල්‍ය ආයතන ද ඒ හා සමාන පුරෝකථන ඉදිරිපත්කර ඇති බවයි

Share This