ඔබව පුදුමයෙන් පුදුමයට පත් කරන ස්වර්ණ ශ්‍රී පුදුමය

ඔබව පුදුමයෙන් පුදුමයට පත් කරන ස්වර්ණ ශ්‍රී පුදුමය

2024 වර්ෂයේ මාධ්‍ය ඉතිහාසය උඩු යටිකුරු කරමින් ස්වර්ණ ශ්‍රී පුදුමයෙන් ඔබව පුදුමයෙන් පුදුමයට පත් කරන්නට දැන් අපි සූදානම්.

එතෙක් මෙතෙක් මාධ්‍ය ඉතිහාසයේ ශ්‍රාවකයෙකුට, ප්‍රේක්ෂකයෙකුට නවමු අත්දැකීමක් ලබාදෙමින් කෝටි ගණනක මුදල් අපි හෙලිකොප්ටර් යානා මගින් ඇවිත් ඔබ‍ට ලබා දීමට ස්වර්ණ ශ්‍රී කණ්ඩායම සූදානම්.

ඒ අනුව මුළු දිවයිනම ආවරණය වන පරිදි හෙලිකොප්ටර් යානා මගින් ගුවනින් කූපන්පත් බෙදීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ගෙයින් ගෙට යමින් මේ සම්බන්ධයෙන් වූ දැනුවත් කිරීමේ කටයුතු මාසයක් පුරා සිදුකෙරුණු අතර දිවයිනේ නගර ගණනාවක් කේන්ද්‍ර කර ගනිමින් දැවැන්ත සංගිත ප්‍රසංග පැවැත්වීමටද කටයුතු කළා.

Fm 100/100.2 ශ්‍රී FM අහන, ස්වර්ණවාහිනී බලන ඔබට “ස්වර්ණ ශ්‍රී පුදුමයෙන්” තෑගි ලබා ගැනීමට සිදුකළ යුතු වන්නේ හෙලිකොප්ටර් යානා මගින් ගුවනින් හෙලන කූපන් පත් අහුලාගෙන ඔබේ නම (හිස්තැනක්‌) , හැදුනුම්පත් අංකය (හිස්තැනක්‌) කුපන් පත් අංකය සදහන් කර 0777 800 775 ට 0777 800 776 ට SMS කර ලියාපදිංචි වීමයි.

එමෙන්ම FM 100/100.2 ශ්‍රී FM දිගටම අහගෙන ඉන්න, ස්වර්ණවාහිනී බලාගෙන ඉන්න ඔබේ කූපන් පතේ ජයග්‍රහණය තහවුරු කර ගන්න ඔබගේ කූපන් පතේ අංකය ස්වර්ණවාහිනීයෙන් දැකපු ගමන්, ශ්‍රී FM එකෙන් ඇහුන ගමන් විනාඩි 20ක් ඇතුළත 011 7 534 703 දුරකතන අංකයට කථා කරන්න.

ස්වර්ණ ශ්‍රී පුදුමයෙන් පිරිනැමෙන වටිනා තෑගි මුදල් ලබා ගැනීමට ශ්‍රී FM අහන්න.. ස්වර්ණවාහිනී බලන්න…

Share This