එළිමහන් ප්‍රාසාංගික කලාවට නවමු අත්දැකීමක් එක්කළ ස්වර්ණ ශ්‍රී මෙගා නයිට්

එළිමහන් ප්‍රාසාංගික කලාවට නවමු අත්දැකීමක් එක්කළ ස්වර්ණ ශ්‍රී මෙගා නයිට්

මෙරට එළිමහන් ප්‍රසංග වේදිකා කලාවට නවමු අත්දැකීමක් ලබාදෙමින් ස්වර්ණවාහිනීය සහ ශ්‍රී FM වෙතින් රසික රසිකාවියන් වෙත තිලිණ කළ ස්වර්ණ ශ්‍රී මෙගා නයිට් සංගීත ප්‍රසංගය ඉතා සාර්ථක අන්දමින් ඊයේ (22) පැවැත්වුණා.

ඒ ජා-ඇල නගර සභා ක්‍රීඩාංගණයේදීයි.

සරිත්-සුරිත් with News සංගීතවත් කළ ස්වර්ණ ශ්‍රී මෙගා නයිට් සංගීත ප්‍රසංගය නැරඹීමට විශාල පිරිසක් සහභාගී වී සිටින ආකාරය දක්නට ලැබුණා.

මීට අමතරව ස්වර්ණවාහිනී නාලිකාව හරහා ස්වර්ණ ශ්‍රී මෙගා නයිට් සංගීත ප්‍රසංගය නැරඹීමට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව හිමිවූ අතර ශ්‍රී FM වෙතින් එය රස විඳීමට ද අවස්ථාව හිමිවුණා.

ස්වර්ණවාහිනී සහ ශ්‍රී FM ෆේස්බුක් පිටු හරහා මෙන්ම YouTube ඔස්සේ ද ස්වර්ණ ශ්‍රී මෙගා නයිට් සංගීත ප්‍රසංගය හා එක්වන්නට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව සලසා දීම විශේෂත්වයක්.

ස්වර්ණ ශ්‍රී මෙගා නයිට් සංගීත ප්‍රසංගය සඳහා සේනානායක වේරලියද්ද, සංඛ දිනෙත්, බාචි සුසාන්, රයිනි චාරුකා, කාංචනා අනුරාධි, දිනේෂ් ගමගේ, සනුක වික්‍රමසිංහ, නිලාන් හෙට්ටිආරච්චි යන ගායක ගායිකාවන් සහභාගී වුණා.

“ස්වර්ණ ශ්‍රී උඩ බැලුවත් බිම බැලුවත් සල්ලි” මෙරට දැවැන්ත මාධ්‍ය ප්‍රවර්ධන ක්‍රියාන්විතයේ දී මුදල් ත්‍යාග හිමිකරගත් ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් වෙත ඒවා පිරිනැමීම ද ස්වර්ණ ශ්‍රී මෙගා නයිට් සංගීත ප්‍රසංගයේ දී සිදු කෙරුණා.

 

 

Share This