එක්දින තරගාවලි ජයත් ඉන්දියාවට

එක්දින තරගාවලි ජයත් ඉන්දියාවට

ඉන්දීය කණ්ඩායම සහ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද(12) පැවති දෙවන එක්දින තරගය ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව තරග තුනකින් යුත් එක්දින තරගාවලියේ ජය ලබා ගැනීමට ද ඉන්දීය කණ්ඩායම සමත් වීම විශේෂත්වයක්.

අද පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 39.4 ක් තුළ දී රැස් කළ ලකුණු සංඛ්‍යාව 215ක්.

ඒ අනුව ලකුණු 216ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 43.2 තුළ දී කඩුලු 6 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියා.

තරගයේ ලකුණු සටහන පහතින්.

 

Share This