උතුරු කොරියාව යළි මිසයිල අත්හදා බැලීමක

උතුරු කොරියාව යළි මිසයිල අත්හදා බැලීමක

 

උතුරු කොරියාව විසින් හඳුනා නොගත් වස්තුවක් අත්හදා බලා ඇති බව දකුණු කොරියාව ප්‍රකාශ කළා.

එය කොරියානු අර්ධද්වීපයට නැගෙනහිරින් පිහිටි මුහුදු ප්‍රදේශයට පතිත වී ඇති බවයි එරට වාර්තා සඳහන් කලේ. උතුරු කොරියාව පසුගිය කාලය තුළ එවැනි මිසයිල අත්හදා බැලීම් කිහිපයක්ම සිදු කළා.

දිගුදුර කෲස් මිසයිලයක් සහ දුම්රියක සිට එල්ල කරන අධිවේගී මිසයිලයක් ද ඊට ඇතුළත්.

න්‍යෂ්ඨික අවි අත්හදා බැලීම නතර කර ගැනීම සඳහා අමෙරිකාව විසින් උතුරු කොරියාව සමග නවතම සාකච්ඡා වටයක් ආරම්භ කිරීමට උත්සාහ දරමින් සිටින අවස්ථාවකයි මෙම අත්හදා බැලීම සිදුකර ඇත්තේ.

ඇමරිකා එක්සත් ජනපදයේ උතුරු කොරියාව පිළිබද විශේෂ නියෝජිත සුන් කිම් ප්‍රකාශ කළේ, උතුරු කොරියාව පිළිබදව ඇමරිකාවේ විරසකයක් නොමැති බවයි.

Share This