ඊශ්‍රායලයෙන් ඉරානයේ Isfahan නගරයට මිසයිල ප්‍රහාරයක්

ඊශ්‍රායලයෙන් ඉරානයේ Isfahan නගරයට මිසයිල ප්‍රහාරයක්

ඊශ්‍රායලය ඉරානයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉරානයේ මධ්‍යම පළාතේ ඉස්ෆහාන් වෙත මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි සඳහන් වන්නේ.

මේ තත්ත්වය නිසා නගර කිහිපයක ගුවන් ගමන් අත්හිටුවා ඇති බවද වාර්තා වනවා.

පසුගිය සෙනසුරාදා රාත්‍රියේ ඊශ්‍රායලයට එල්ල කරන ලද ඉරාන මිසයිල සහ ඩ්‍රෝන යානාවලට ප්‍රතිචාර දක්වන බව ඊශ්‍රායලය ප්‍රකාශ කිරීමෙන් පසු ඉරානය දැඩි අවධානයෙන් පසුවුණා.

ඉරානය විසින් ඊශ්‍රායලය වෙත ඩ්‍රෝන යානා සහ මිසයිල 300කට වැඩි ප්‍රමාණයක් එල්ල කිරීමටයි පසුගියදා කටයුතු කළේ.

Share This