අභ්‍යාසලාභී ගුරුවරුන්ට රාජ්‍ය සේවා ලේකම්ගෙන් දැනුම් දීමක්

අභ්‍යාසලාභී ගුරුවරුන්ට රාජ්‍ය සේවා ලේකම්ගෙන් දැනුම් දීමක්

රාජ්‍ය සේවයට බඳවා ගත් උපාධිධාරීන් අතරින් අධ්‍යාපන අමාත්‍යංශයට අන්තර්ග්‍රහණය කර සිටින 18,000ක් වන උපාධිධාරීන් සියලුදෙනා ම මෙම මස 21 වන දා තමන් සේවය කරන පාසල් වෙත ගොස් අනිවාර්යයෙන් ම සේවයට වාර්තා කළ යුතු බව දැනුම් දී ඇතැයි රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කරනවා

දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබු මේ පුවත පිළිබඳව ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද අවධානය යොමු කෙරුණා

උපාධිධාරි අභ්‍යාසලාභීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේදී 58,000ක් රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහණය කළ අතර, ඒ අතරින් 18,000ක් අධ්‍යාපන අමාත්‍යංශයට අනුයුක්ත කළ බව වැඩිදුරටත් ලේකම්වරයා සඳහන් කර සිටිනවා

අධ්‍යාපන අමාත්‍යංශය සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව, අදියර කිහිපයකින් පාසල් විවෘත කිරීමට කටයුතු කරමින් සිටින අතර පාසල්වල ගුරුවරුන්ට හා සිසු දරුවන්ට එන්නත් ලබාදීම සිදුකෙරෙමින් පවතින අතර, සැලසුම්ගත ආකාරයට සියලුම පාසල් ඉදිරි සති කිහිපය තුළ විවෘත කෙරෙනු ඇතැයි රාජ්‍ය සේවා ලේකම්වරයා විශ්වාසය පළ කරනු ලබනවා .

ඒ අනුව, අධ්‍යාපන අමාත්‍යංශයට අනුයුක්ත කර දැනට පාසල්වල සේවයෙහි යොදවා සිටින අභ්‍යාසලාභී උපාධිධාරීන් 21 වන දා සිට අනිවාර්යයෙන් ම සිය සේවා ස්ථාන වෙත සේවයට වාර්තා කළයුතු බව ජේ.ජේ. රත්නසිරි මහතා පවසනවා .

අධ්‍යාපන අමාත්‍යංශය තවත් උපාධිධාරි අභ්‍යාසලාභීන් ලබාදෙන ලෙස ඉල්ලීමක් කළහොත් ඕනෑ ම අවස්ථාවක අවශ්‍ය තරම් උපාධිධාරි අභ්‍යාසලාභීන් ලබාදීමට තම අමාත්‍යංශය සූදානම් බව ද රාජ්‍ය සේවා අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා වැඩිදුරටත් සඳහන් කරනවා .

Share This