අධික වැස්සෙන් ඩුබායි ගුවන් තොටුපළ ජලයෙන් යටවෙයි – ගුවන් ගමන් රැසක් අවලංගුයි

අධික වැස්සෙන් ඩුබායි ගුවන් තොටුපළ ජලයෙන් යටවෙයි – ගුවන් ගමන් රැසක් අවලංගුයි

අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඩුබායි ගුවන් තොටුපළ ජලයෙන් යට වී තිබෙනවා

මේ හේතුවෙන් ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණෙන ගුවන් ගමන් රාශියක් හරවා යැවීමට සිදු වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ

කෙසේ වෙතත් ගුවන් ගමන් නැවත ආරම්භ කර ඇති අතර, ගුවන් ගමන් මෙහෙයුම් ප්‍රමාදයන් සහ අවලංගු වීම් සිදුව ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ

එමෙන්ම ඩුබායි මාල් සහ එමිරේට්ස් මාල් වැනි එරට ප්‍රමුඛතම සාප්පු සවාරි මධ්‍යස්ථාන ඇතුළු නගරයේ ප්‍රධාන යටිතල පහසුකම් ගංවතුරෙන් යටවී තිබෙනවා

මේ අතර අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාර්ග කඩා වැටීම් සහ නිවාස ජලයෙන් යට වී ඇති බවද සඳහන්

Share This