අධ්‍යාපන අමාත්‍යංශයෙන් ‘විදුහල්පති, ගුරු හෝ අනධ්‍යයන කාර්ය මණ්ඩලයට’ විශේෂ දැනුම් දීමක්

අධ්‍යාපන අමාත්‍යංශයෙන් ‘විදුහල්පති, ගුරු හෝ අනධ්‍යයන කාර්ය මණ්ඩලයට’ විශේෂ දැනුම් දීමක්

යම් පළාතක විදුහල්පතිවරයෙකු, ගුරුවරයෙකු හෝ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ අයෙකු කොවිඩ් 19 එන්නත ලබාගෙන නොමැති නම් කඩිනමින් ‍තමා සේවය කරන පාසල පිහිටි කලාප කාර්යාලය දැනුවත් කර එන්නත ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරන මෙන් අධ්‍යාපන අමාත්‍යංශය දන්වා සිටිනවා.

අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ විදුහල්පතිවරුන්, ගුරුවරුන්, අනධ්‍යයන කාර්ය මණ්ඩලය සඳහා කොවිඩ් 19 එන්නත්කරණය මේ වනවිට පළාත් මට්ටමෙන් ඉතා සාර්ථක ව සිදුවෙමින් පවතින බවයි.

Share This