අද සවස ගිගුරුම් සහිත වැසි

අද සවස ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත්වල අද(29) තැනින් තැන සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඌව සහ වයඹ පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

එමෙන්ම නැගෙනහිර පළාතේ වැසි ස්වල්පයක් ඇතිවන බව සඳහන්.

මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සමහර ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපර්තතමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරන්නේ.

Share This