අදියර හතරක් යටතේ පාසල් විවෘත කිරීමට සූදානම්

අදියර හතරක් යටතේ පාසල් විවෘත කිරීමට සූදානම්

දිවයින පුරා පිහිටි සියලුම පාසල් පිරිසිදු කිරීමේ කටයුතු ඉදිරි සති දෙක තුළදී ආරම්භ කරන බවත්, නිර්දේශ ලැබුණු විගස පාසල් විවෘත කිරීමේ දින වකවානු අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත් කරන බවත් අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ප්‍රකාශ කරනවා

අදියර හතරක් යටතේ පාසල් විවෘත කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා උපදෙස් ලබා දුන් බවත් ඒ් අනුව ළමුන් 200ට අඩු පාසල් ප්‍රථමයෙන් විවෘත කිරීමට සැළසුම් කර ඇතැයිද ලේකම්වරයා පවසනවා

කොවිඩ් වසංගතයේන් පසු පාසල් යළි විවෘත කිරීම සම්බන්ධයෙන් පැහැදිළි කිරීම සඳහා අද (24) රජයේ ප්‍රවෘත්ති‌ දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමිනුයි ලේකම්වරයා මේ බව පවසා තිබෙන්නේ

ඊයේ(23) දිනයේදී අධ්‍යාපන අමාත්‍යවරයා සියළුම පළාත් ආණ්ඩුකාරවරු හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර අද(24) දිනයේ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරු,ඇතුළු නිලධාරින් එම පළාත් පාසල් වල නිරීක්ෂණ චාරිකාවක නිරත වීමට නියමිතයි.

ඒ් අනුව පාසල් සංවර්ධන කමිටු, ප්‍රජා පොලිස්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ,දෙමව්පියන් ආදි සිසුන් ඇතුළු සියලු දෙනා එක්ව ඉදිරි සති 02 තුළදී පාසල් පිරිසිදු කිරීමේ කටයුතු ආරම්භ කරන බවද සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කිරීමෙන් අනතුරුව පාසල් වලින් නිර්දේශ ලැබූ විගස පාසල් ආරම්භ කිරීමට සූදානම් බවද ලේකම්වරයා සඳහන් කරනවා

අංශයන්හි නිර්දේශ ලැබුණු වහාම සියළු කටයුතු සූදානම් බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසනවා

දිවයින පුරා ළමුන් 200ට අඩු පාසල් 5131 ක් තිබෙන අතර පාසල් විවෘත කිරීමේදී එම පාසල් මුලින්ම ආරම්භ කිරිමට සැළසුම් කර තිබෙනවා

තවද 1 සිට 5 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන පාසල් 3884ක් තිබෙන බවත් එම පාසල්ද විවෘත කිරිමේ හැකියාව පවතින බවද ලේකම්වරයා පවසනවා

සෑම පළාතක්ම නියෝජනය වන පරිදි ළමා රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරු 100 දෙනෙකු දරුවන් අධීක්ෂණය සඳහා යොදවා තිබෙනවා

එහෙත් කිසියම් දරුවකු සෙම්ප්‍රතික්ෂාවක් හෝ උණක් වැනි රෝග ලක්ෂණයකින් පෙළෙයි නම් එවැනි දරුවන් පාසලට නොඑවන ලෙසද ලේකම්වරයා ඉල්ලීමක් කර සිටිනවා

 

Share This