දරුවන් ප්‍රවේසම් කර ගන්න

දරුවන් ප්‍රවේසම් කර ගන්න

කොවිඩ් වැළඳෙන දරුවන් ඇතැම් අවස්ථාවල දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කිරීමට සිදු වන බවද ඇතැම් විට මරණාසන්න විය හැකි බව ද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය පී. ඩී කොග්ගලගේ මහතා පවසනවා.

මෙහිදී දරුවන්ගේ බහු ඉන්ද්‍රීයන් අකර්මණ්‍යතාවයකට පත්වන බව ද වෛද්‍යවරයා කොළඹදී පැවති මාධ්‍ය හමුවක දී පෙන්වා දුන්නා.

මෙවැනි තත්ත්වයකට හේතුව කුමක්දැයි මෙතෙක් තහවරු කර ගෙන නොමැති බවත් වෛද්‍ය පී. ඩී කොග්ගලගේ මහතා එහිදී කියා සිටියා.

 

Share This