විදේශීය ගිනි අවියක් සමග තරුණයෙක් අත්අඩංගුවට

විදේශීය ගිනි අවියක් සමග තරුණයෙක් අත්අඩංගුවට

විදෙස් රටක නිෂ්පාදිත රිවෝල්වර වර්ගයේ ගිනි අවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මීටියාගොඩ – උඩුමුල්ල, කළුපේ ප්‍රදේශයේදියි.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ කළුපේ – හික්කඩුව ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් මීටියාගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

Share This