සහල් මෙට්‍රික් ටොන් 20,000 ක් ආනයනයට තීරණයක්

සහල් මෙට්‍රික් ටොන් 20,000 ක් ආනයනයට තීරණයක්

වෙළෙඳපොළෙහි මිල ස්ථායිකරණය සඳහා මියන්මාරයෙන් සහල් ආනයනය කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව පාරිභෝගිකයින් වෙත සැපයීමටත්, ආරක්‍ෂිත සහල් තොගයක් පවත්වාගෙන යාමටත් ,සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීම සඳහා පසුගිය සැප්තැම්බර් මස 27 වනදා කැබිනට් අනුමැතියහිමි වූ බවයි කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී දැනුම් දෙනු ලැබුවේ.

ඒ යටතේ, රජයකින් රජයකට පදනම යටතේ ශ්‍රී ලංකා රජය සහ මියන්මාර රජය අතර ඇති කර ගනු ලබන ගිවිසුමක් මත එරටින් සහල් මෙට්‍රික් ටොන් 20,000 ක් ආනයනය කිරීමට තීරණය කර තිබෙනවා.

එහි මෙට්‍රික් ටොන් එකක මිල අමෙරිකන් ඩොලර් 460ක් ලෙස දක්වා තිබෙනවා.

Share This