බන්ඩි පොහොර මිටියක මිල අඩු කිරීමට අවධානය

බන්ඩි පොහොර මිටියක මිල අඩු කිරීමට අවධානය

මෙවර යල කන්නයේ දී බන්ඩි පොහොර හෙවත් එම්.ඕ.පී (MOP) පොහොර කිලෝග්‍රෑම් 50 ක මිටියක මිල රුපියල් 10,000ක් දක්වා අඩු කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ සඳහා අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි කැබිනට් පත්‍රිකාවක් ලබන සතියේ දී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි

2022 සහ 2023 මහ කන්නයේ දී බන්ඩි පොහොර මෙට්‍රික් ටොන් 42,000ක් මෙරටට ආනයනය කළ අතර හොන්ඩරයක් අලෙවි කරනු ලැබුවේ රුපියල් 19,500ක මිලකට යි

එමෙන්ම ඇතැම් දිස්ත්‍රික්කවල වගා කර ඇති කුඹුරුවල ගොයම් කහපැහැ ගැනීමට හේතුවී ඇත්තේ බණ්ඩි පොහොර නොයෙදීම බවද කෘෂිකර්ම අමාත්‍යංශය පෙන්වා දෙනවා.

මීට අමතරව මෙවර යල කන්නය ආරම්භයේ දීම මඩ පොහොර (TSP) නොමිලයේ ගොවීන්ට ලබා දීමට ද අවධානය යොමු කර ඇති අතර යුරියා පොහොර තවදුරටත් රුපියල් 10,000ක මිලට ලබා දීමට කටයුතු යොදා ඇති බව සඳහන්.

Share This