යුද්ධ හමුදා පොදු සමා පළමු සතියේදී 7156ක් සේවයෙන් ඉවතට

යුද්ධ හමුදා පොදු සමා පළමු සතියේදී 7156ක් සේවයෙන් ඉවතට

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින නිලධාරි හා සෙසු නිලයන් හට නිත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීම සඳහා ලබාදුන් පොදු සමා කාලයේදී 7156ක් සේවයෙන් ඉවත් වී තිබෙනවා.

ඒ අනුව 2024 අප්‍රේල් මස 20 වන දින සිට 2024 මැයි මස 20 වන දින දක්වා වූ මසක කාලයක් පොදු සමා කාලය ලෙස ලබාදී තිබුණා.

මෙහිදී පොදු සමා කාල සිමාවේ පලමු සතිය අවසානයේ, 2023 දෙසැම්බර් මස 31 දින සහ ඊට පෙර සිට නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකරන ලද යුද්ධ හමුදා සාමාජිකයින් 7143 දෙනෙකු ඔවුන් අයත් රෙජිමේන්තු මධ්‍යස්ථාන වෙතින් තාවකාලික අස්කිරීම් කටයුතු සිදුකර ඇති බවයි යුද්ධ හමුදාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

එමෙන්ම, නිවාඩු නොමැතිව සේවයට වාර්ථා නොකර දැනට විදේශගතව සිටින යුද්ධ හමුදා සාමාජිකයින් 13 දෙනෙකු සඳහාද මෙම කාල සීමාව තුළ යුද්ධ හමුදා සේවයෙන් නීත්‍යානුකූලව ඉවත් වීම සඳහා කටයුතු සිදුකර දී ඇති බව වැඩිදුරටත් වාර්තා වන්නේ.

Share This