දකුණු අප්‍රිකානු ජනපති සහ ඉන්දීය විදේශ අමාත්‍යවරයා අතර හමුවක්

දකුණු අප්‍රිකානු ජනපති සහ ඉන්දීය විදේශ අමාත්‍යවරයා අතර හමුවක්

දකුණු අප්‍රිකාවේ ජනාධිපති සිරිල් රමපෝසා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් අතර හමුවක් සිදුව තිබෙනවා.

ඒ දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් හි පැවැති BRICS සමුළුවට සමගාමීවයි.

දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා හමුවීම සතුටක් බවත්, දෙරට අතර සම්බන්ධතා සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරුණු බවත් විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වනවා.

මේ අතර ඉන්දීය විදේශ අමාත්‍යවරයා දකුණු අප්‍රිකාවේදී බ්‍රසීල විදේශ අමාත්‍ය Mauro Vieira ද මුණගැසී තිබෙනවා.

එහිදී BRICS, IBSA, G20 සහ එක්සත් ජාතීන්ගේ රාමුව තුළ ඉන්දියාව සහ බ්‍රසීලයේ සහයෝගිතාව ඉදිරියට ගෙන යාම පිළිබඳව සාකච්ඡා පවත්වා ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

එමෙන්ම ඉන්දියාව සහ බ්‍රසීලය අතර උපායමාර්ගික හවුල්කාරිත්වය තර කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් සඳහන් කළා.

Share This