ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම මෙමස 28 ලංකාවට

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම මෙමස 28 ලංකාවට

එක්දින ක්‍රිකට් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරග 3 කට සහ විස්සයි-20 තරග 3 කට සහභාගිවීම සඳහා ඉන්දීය කණ්ඩායම මෙම මස 28 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙන බව වාර්තා වනවා.

ඒ අනුව වසර 3 කට ආසන්න කාලයකින් පසු ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය කණ්ඩායම දින 29 ක කාලයක් ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට නියමිතයි.

ඉන්දීය කණ්ඩායම අවසන් වරට ශ්‍රී ලංකාවේ තරග සංචාරය කරන ලද්දේ ඉකුත් 2018 වසරේ මාර්තු මස පැවැති නිදහස් කුසලාන එක්දින තරගාවලියට වන අතර එම තරගාවලියේ ශූරතාව දිනා ගැනීමටද ඉන්දීය පිළ සමත් වුණා.

මෙම තරගාවලිය ජෛව ආරක්ෂිත පරිසරයකට යටත්ව පැවැත්වෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ.

 

Share This