පදික වෙළෙන්දාට බලය පෙන්වූ ඉන්දීය පොලිස් නිලධාරියාගේ වැඩ තහනම්

පදික වෙළෙන්දාට බලය පෙන්වූ ඉන්දීය පොලිස් නිලධාරියාගේ වැඩ තහනම්

පදික වෙළඳාමේ නිරත වෙළෙන්ඳෙකුගේ එළවළු කූඩයකට පා පහරක් එල්ල කළ පොලිස් නිලධාරියකුගේ වැඩ තහනම් කළ පුවතක් ඉන්දියාවේ පන්ජාබ්හි ෆග්වාරා නගරයෙන් වාර්තා වනවා.

අදාළ පොලිස් නිලධාරීයා රථයෙන් බැසවිත් කිසිදු විමසීමකින් තොරව එළවළු කූඩයකට පා පහර එල්ල කරන අයුරු දැක්වෙන දර්ශන පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ ප්‍රාන්ත පොලිස් බලධාරීන් අදාළ නිලධාරීයාගේ වැඩ තහනම් කරමින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඉන්දීය ඉහළ පොලිස් නිලධාරීයෙකු පවසන්නේ, මොහුගේ පහත් හැසිරීම සම්බන්ධයෙන් ලැජ්ජාසහගත බවත් පොලිස් නිලධාරියෙකුගෙන් මෙවන් හැසිරීමක් කිසිසේත් බලාපොරොත්තු නොවන බවත් ය.

Share This