ඔන්ලයින් වීසා ගැන ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

ඔන්ලයින් වීසා ගැන ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

මාර්ගගත වීසා අයදුම් කිරීමේදී http://www.immigration gov.lk වෙබ් අඩවියේ e visa සබැඳිය පමණක් භාවිත කරන ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එමෙන්ම http://www.srilankaevisa.lk වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවි වෙත පිවිස මුදල් ගෙවීමේ අවස්ථාවන් පවතින බවට තොරතුරු වාර්තා වී ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අප්‍රේල් මස 17 වනදා සිට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නව වීසා ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම හා නව මාර්ගගත ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබෙනවා.

ඊට අදාළව ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය පහතින්,

Share This