මසුන් අල්ලන්න ගිය අයෙක් මරුට

මසුන් අල්ලන්න ගිය අයෙක් මරුට

ගොවිදුපුර, ජයන්ති වැවේ මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා.

ඔහු පසුගිය 20 වනදා මසුන් ඇල්ලීම සඳහා නිවසින් පිටව ගොස් ඇති බවටයි පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

කොටගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 58 හැවිරිදි පුද්ගලයෙක් දියේ ගිලී මෙලෙස මියගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ගොවිදුපුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බව සඳහන්.

Share This