අනවසර විදුලි රැහැනක පැටලී ජීවිතයට සමුදුන් වන අලියා

අනවසර විදුලි රැහැනක පැටලී ජීවිතයට සමුදුන් වන අලියා

වැල්ලවාය, ඌව කුඩාඔය , තෙලුල්ල ගග පාර ප්‍රදේශයේ දී විදුලි සැර වැදීම හේතුවෙන් වනඅලියෙක් මියගොස් තිබෙනවා.

නිවසකින් විදුලිය ලබා ගෙන මෙම අනවසර විදුලි රැහැන ඇද තිබී ඇති අතර ඊයේ (27) දිනයේදී ගම්වැදුණු වනඅලියා මෙම විදුලි රැහැනේ පැටලී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

වනජීවි නිලධාරීන් සඳහන් කළේ,ජීවිතක්ෂයට පත් වූ අලියා වයස අවුරුදු පහලොවත් විස්සත් අතර වයසක පසුවන බවයි.

එම විදුලි රැහැන ඇද තිබූ සැකකරු ඌව කුඩාඔය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු තෙලුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු වන අතර සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

 

Share This