අසීමිත අන්තර්ජාල සේවා ලැබෙන හැටි

අසීමිත අන්තර්ජාල සේවා ලැබෙන හැටි

අසීමිත අන්තර්ජාල සේවා පැකේජ මෙම මස තුළ ලබා දීමට කටයුතු කරන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා

දුරකථන සමාගම් විසින් අසීමිත අන්තර්ජාල සේවා ලබා දිය හැකි ක්‍රමවේද පිළිබඳව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට මේ වනවිට දැනුම් දී ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපති ජයන්ත ද සිල්වා මහතා සඳහන් කරනවා

මේ වනවිට අසීමිත අන්තර්ජාල සේවා පැකේජ පිලිබඳ සොයා බලා තහවුරු කර ඇති බවත් ඒ අනුව අප්‍රේල් මාසයේ සිට අසීමිත අන්තර්ජාල සේවා පහසුකම් සැපයීමට දුරකථන සමාගම් පොරොන්දු වී ඇති බව එහි සභාපතිවරයා පවසනවා

අසාධාරණයක් නොවන පරිදි අසීමිත අන්තර්ජාල සේවා පහසුකම් සැපයීමට සෑම සමාගමකටම සිදුවන බවත් ,මිල පාලනයක් තිබෙන බවත් ජයන්ත ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.

Share This