Disney සහ මුකේෂ් අම්බානි එක්ව මාධ්‍ය ක්ෂේත්‍රය හොල්ලයි

Disney සහ මුකේෂ් අම්බානි එක්ව මාධ්‍ය ක්ෂේත්‍රය හොල්ලයි

Disney සමාගම ආසියාවේ ධනවත්ම පුද්ගලයා සමග එකතු වී ඉන්දියාවේ නව මාධ්‍ය දැවැන්තයෙකු නිර්මාණය කිරීමට සැලසුම් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ ඉන්දියාවේ මිලියන 750 කට වඩා වැඩි දේශීය ප්‍රේක්ෂක පිරිසක් ආකර්ෂණය කර ගැනීමේ බලාපොරොත්තුවෙන්.

ප්‍රකෝටිපති මුකේෂ් අම්බානිගේ රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් සහ ඩිස්නි ඔවුන්ගේ ඩිජිටල් මාධ්‍ය සහ රට තුළ රූපවාහිනී නාලිකා 100 ක් ඒකාබද්ධ කර ඩොලර් බිලියන 8.5 ක් පමණ වටිනා හවුල් ව්‍යාපාරයක් කර ඇති බවයි ඩිස්නි සමාගම් නිවේදනය කරන්නේ.

මෙය ඉන්දියානු විනෝදාස්වාද ක්‍ෂේත්‍රයේ (entertainment) නව යුගයක් සනිටුහන් කරන වැදගත් ගිවිසුමක් බවයි මුකේෂ් අම්බානි පවසන්නේ.

Share This