Deep – Veer රසිකයින්ට සුබ ආරංචියක්

Deep – Veer රසිකයින්ට සුබ ආරංචියක්

බොලිවුඩයේ සුපිරි තරු වන දීපිකා පදුකෝන් සහ රන්වීර් සිං ඔවුන්ගේ පළමු දරුවා බලාපොරොත්තුවෙන් සිටින බව තහවුරු කර තිබෙනවා.

නළුවන් දෙදෙනා ඔවුන්ගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම මගින් එය නිවේදනය කළා.

මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී ඔවුන්ගේ ප්‍රථම දරුවා බලාපොරොත්තුවෙන් සිටින බවයි ඔවුන් සඳහන් කර ඇත්තේ.

මීට මාසයකට පමණ පෙර සිට දීපිකා සහ රන්වීර් ඔවුන්ගේ පළමු දරුවා අපේක්ෂාවෙන් සිටින බව බොලිවුඩ් රසිකයෙන් අනුමාන කරමින් සමාජ මාධ්‍ය තුළ නොයෙකුත් දේ සඳහන් කර තිබුණා.

මෙම පුවත පළ කිරීමත් සමග බොලිවුඩ් සිනමා තරු මෙන්ම ඔවුන්ගේ රසිකයන් මේ යුවළට සුබ පැතුම් එක්කරමින් බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කරන්නේ.

Share This